ජනපති නීතිය හා සාමය අමාත්‍යාංශය නව අමාත්‍යවරයකුට ලබා දීමට සුදානම් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපති නීතිය හා සාමය අමාත්‍යාංශය නව අමාත්‍යවරයකුට ලබා දීමට සුදානම්

Share This


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ජනපතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශයද තමා යටතට ගෙන කටයුතු කිරීම පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වෙමින් පවති.

ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු හමාර වු වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය ආපසු භාර දෙන බවය.

එසේ වුවත් තතු දත් ආරංච් මාර්ග පෙන්වා දෙන්නේ අධිකරණයේ නිවාඩුව අවසන් වු වහාම ජනපතිගේ අත්තොනෝමතික අමාත්‍යාංශ පවරා ගැනිමට එරෙහිව යුක්තිය හමුවට කිසිවකු හෝ යෑම වළකා ගැනීම සඳහා ජනපති එජාපය හමුවේ ඉහත පොරොන්දුව සිදුකර ඇති බවය.

ඇතැම් දේශපාලන හා නීති විශාරදයින් පෙන්වා දෙන්නේ ජනපතිවරයාට නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට අවශ්‍ය වුයේ තමා ඝාතනය පිළිබඳව සෙවිමට පමණක් ද යන්නයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලනය හා සම්බන්ධව නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ බොහෝ කාරණා ඉටුවිය යුතුය. නමුත් ඒ සම්බන්ධව සොයා බැලීමට ජනපති සිරිසේන මහතාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages