අද (24) දිනය තුළ උතුරු පළාතට තවදුරටත් තද වැසි ඇතිවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව අවධාරණය කර ඇත. දැනටමත් උතරු පළාතට ඇති වී ඇති අයහපත් කාළගුණික තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05හේ පවුල් 16872 අයත් පුද්ගලයින් 54819ක් පීඩාවට පත්ව සිටී.
විශේෂයෙන් පීඩාවට පත්වුවන් මුදවා ගැනීම හා අවශ්‍ය සහන සැළසීම සඳහා ත්‍රිවිධ හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද දිනයේ නැවත තද වැසි ඇතුවීමට ඉඩ ඇති බැවින් තවත් අමතර හමුදා සහන සේවා කණ්ඩායම් කිහිපයක් සීරුවෙන් තබා ඇතැයි මෙම හදිසි මෙහෙයුම භාර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ප්‍රකාශ කළේය.
පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සියළුම පහසුකම් ආරක්ෂක අංශ සම්බන්ධිකරණයෙන් සිදුවන අතර, තවදුරටත් සහන අවශ්‍ය පිරිස් දුරකථන අංක 117 අමතන ලෙස ආපද්ර කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.
No comments:
Post a Comment