ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 නව වසරට සුබ පතමින් කියා සිටියේ දූෂණය පිටු දැකිමට පියවර ගන්නා බවයි. ජනපතිවරයාට දූෂණය මුලිනුපටා දැමිමට සැබෑ අවශ්‍යතාවයක් ඇති නම් ඒ සඳහා පැහැර හැරිය නොහැකි අවස්ථාවක් හෙට (02 දින) ප.ව. 2.00න් පසුව උදාවේ.
ජනපතිගේ කියමන අකුරටම පිළිපදිමින් හෙට ප.ව. 2.00ට හිටපු අමාත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිතය.
එජාපය ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්රවරුන් පසුගිය ඔක්තතොම්බර් 26 ක්රමන්ත්රණයට සමගාමිව මිලදී ගැනීමට එරෙහිව ඉදිරි මෙම පැමිණිල්ල ඉදිරිපත් පත් කෙරේ.
පාලිත රංගේ බණ්ඩාර මහතාට ජනපතිවරයා හා එස්.බී. දිසානායක අමාත්‍යවරයා එක්ව අල්ලස් ලබාදීමට සෘජුවම කථා කිරීම හා සම්බන්ධව හඞ පට මාධ්‍ය මගින් ද අනාවරණය කරන ලදී.
පාලිත රංගේ බණ්ඩාර මහතාට අමාත්‍යධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා අදහස් නොකරන්නේද ඉහත හේතුව නිසාම බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනු ලබනවා.
කෙසේ වෙතත් ජනපතිවරයාගේ නව අවුරුදු ඉල්ලීමට අනුකූලවෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මුදල් අල්ලස් ලබාදීමට තැත් කිරිමට එරෙහිව හෙට (02) දින ප.ව. 2.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමන් පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාව සඳහා අල්ලසට හෝ දූෂණයට විරුද්ධ සියළුම ජනතාවට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා ඉල්ලා සිටින බව අපට වාර්තා විය.
No comments:
Post a Comment