නව වසරේ ප්‍රථම කැබිනට් හමුව අද (02) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අතුරු සම්මත ගිණුමක් සම්මත කර ඒ අනුව, ඉදිරි මාස හතර සඳහා මුදල් වෙන් කරගෙන ඇත.
කෙසේ වෙතත් 2019 වර්ෂයට අයවැය යෝජනා කඩිනමින් ඉදිරිපත් කර එය සම්මත කරවා ගත යුතුව ඇත.
ඒ අනුව, අයවැය යෝජනා සකස් කිරීමට අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරි පත් කරන බවට මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
මුදල් අමාත්‍යවරයා මීළගට ඉදිරිපත් කරනු ලබන අයවැය මගින්, පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් - නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් අයවැය සකස් කරලීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පතනු ඇත.
No comments:
Post a Comment