මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නටත් පෙර සිටම, ඉතාමත් ලඟින් ආශ්රය කළ කිහිප දෙනා අතුරින් කෙනෙකු වන නීතිඥ රාජික කොඩිතුවක්කු මහතා 2019.01.01 දින ජනපතිවරයා අමතා ලිපියක් ලියමින්, ජනපති සම්බන්ධිකරණ තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව, ඔක්තෝම්බර් 26 දින කුමන්ත්රණයෙන් පසුව ජනපති හැර ගිය පස්වැන්නා ලෙස නීතිඥ රාජික කොඩිතුවක්කු මහතා නම් කළ හැක.
නික්ම ගිය සියළුම දෙනා ජනපති කාර්යාලයේ තමන් දැරු ධූරයන්ගෙන් ඉල්ලා අස්වුයේ ජනපති සිරිසේන ඔක්තෝම්බර් 26 ගන්නා ලද අධූරදර්ශි තීන්දුවට එරෙහිව වීම විශේෂත්වයකි.
නීතිඥ රාජික කොඩිතුවක්කු මහතා ජනපති සම්බන්ධිකරණධුරයට අමතරව කැස්බෑව ශ්රීලනිප සංවිධායකධුරය දැරූ අයෙකි.
කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන මහතාගේ වර්තමාන දේශපාලන භාවිතයන් 2015 ජනවාරී 08 මුලධර්මයන්ට සම්පූර්ණයෙන් පටහැනි බව නැවත නැවතත් මේ ඉල්ලා අස්වීම් මගින් තහවුරු වේ.
No comments:
Post a Comment