ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විධායක බලතල තිබුණත්, මේ වන විට දේශපාලනික ලෙස බලය ගිළිහෙමින් පවතින බව සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.
එවැනි පසුබිමකදී අවම තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ බලය ආරක්ෂා කර ගැනීමට තමන්ට වඩාත් හිතවත් හා ලෙන්ගත පිරිසක් දේශපාලනයට කැඳවිය යුතු බවට සිය තායිලන්ත නිවාඩු සංචාරයේදී සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.
එම සාකච්ඡාව සිය පවුලේ සමිපතම අය සමග සෘජුවම සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජනපති දියණිය චතුරිකා සහ ජනපති සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මීළඟ මහා මැතිවරණයේදී තරඟ කිරිමට තිරණය කර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.
ඒ අනුව, ජනපති සිරිසේන තමා අතින් ගිළිහෙන ජනතා බලය සිය පවුලේ අය හරහා නැවත ලබා ගැනීමේ උපක්‍රමයක නිරතව ඇති බවට ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමක්ද සාකච්ඡා කර ඇති අතර, එම මන්ත්‍රි කණ්ඩායම ඒ සඳහා කිසිඳු ඉඩක් නොතබන බව සහතික කර ඇත.
විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දිගු කාලයක් දේශපාලනය කරන ශ්‍රීලනිප සංවිධායකයින් ජනපතිගේ මේ තීරණය සමග කළ කිරිමට පත්ව ඇති බවත් අනාවරණය වේ.
No comments:
Post a Comment