දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි-මුත්තයියා මුරලිදරන් මහතා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි-මුත්තයියා මුරලිදරන් මහතා

Share This
රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ ඒ මහතා සමාජිකයකු වශයෙන් කටයුතු කරන ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට පාසල් පොත් බෑග පිරිනැමේ අවස්ථාවකදීය.

2019 නව පාසල් වාරය  වෙනුවෙන්  රු 2300 ක් වටිනා පොත් බැග කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්.ශාලාවේදි ගුණ-ජය-සතුට පදනමේ අනුග්‍රහය ඇතිව බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු  කිරිම සඳහා බවයි.

රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව කර දේශාපලනයේදි නිසි තීරණ ගන්නේ නම් මේ රට මීට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවද මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේය.

මේ රටේ 45% ක ජනතාවක්  ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමීමට රටේ දේශලපාලනඥයින් කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කළේය.  රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලඥයින් බවත්, දේශාපලන කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම්  බියෙන් ජිවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්  ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වගකිය යුතු බවත් මුත්තයියා මුරලිදරන් මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් පැවසුයේ වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages