ත්‍රීපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ඓතිහාසික අලුවිහාරයෙදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවති උත්සවයේ දීය.
පන්සාලිස් වසක් පුරා බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මස්කන්ධය පලමු , දෙවන හා තෙවන ධර්ම සංගායනාවලදී සංගෘහිත වීමෙන් පසු භාණක මුඛ පරම්පරාවෙන් පැවැති අතර වලගම්බා රජ සමයේ තල්පත්වල ලේඛන ගත තරනු ලැබිය.

එසේ පැවැති ත්‍රිපිටකය 1956 යෙදුනු බුද්ධ ජයන්තියේ දී ග්‍රන්ථාරූඪ කරන ලද අතර ජාතික උරුමයක් බවට අද දින පත් කරන ලද්දේ එම ත්‍රිපිටකයයි.
ඒ අනුව ඉදිරියේ දී ත්‍රිපිටකය සංස්කරණය පරිවර්තනය ඇතුළු ඕනෑම කාර්යයක් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගතයුතු වන්නේය.
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ නිල උත්සවය පැවැත්වූයේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය විශාල පිරිසක් ද මැතිඇමතිවරුන්ගේද සහභාගීත්වයනි.
No comments:
Post a Comment