ආණ්ඩුකාරධුරය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් ගෞරවාන්විත ධූරයකි. ඒ සඳහා පත් කරන්නේ කලින් දේශපාලනයේ නිරත වුවත්, කිසියම් දුරකට සක්‍රිය දේශපාලනයෙන් ඈත් වු තරමක් ගෞරවාන්විත පුරවැසියන් බව කිවමනාය.
ඉතිහාසයේද පක්ෂ භේදයෙන් තොරව සක්‍රිය දේශපාලනයේ නිරතව සිටි අය ආණ්ඩුකාරධුයට පත් නොකළ සිටියාම නොවේ. නමුත් ඒ එක් වතාවකට එක් අයකු පමණ ඇතුලත් වන පරිදිය.
මීට දින හතරකට ඉහතදී ජනපතිවරයා විසින් කරන ලද ඉල්ලිමකට අනුව, කිසිඳු අර්බුදයක් නොමැතිව තම කටයුතු ඉටු කළ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්විය. ජනතාව ජනපතිගේ හදිසි තීරණය දුටුවේ, නිර්දේශපාලනික නව ආණ්ඩුකාරවරුන් පත් කිරිමට අවශ්‍ය වට පිටාව නිර්මාණය කරන කටයුත්තක් ලෙසය.
නමුත්, අද (4) දින සවස් වරුවේ ජනපති ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු දිවුරුම් දෙන ලදී.
අසාත් සාලි මහතා - දිවුරුම් දුන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා
සරත් ඒකනායක මහතා - උතුරු මැද පළාත් ආණඩුකාරවරයා
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා
පේෂල ජයරත්න මහතා - වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ, ය.
ඉහත අයගේ දේශපාලන පසුබිම ගත් කළ ඔවුන් සක්‍රිය මට්ටමෙන් දේශපාලනය කරන පසුබිමක ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරිම, එම ධූරයට කරන ලද මදිපුංචි කමක් ලෙස දේශපාලන විචාරකයින් දකී.
අසාත් සාලී හා මෛත්‍රි ගුණරත්ත දේශපාලන පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම ජනපති සිරිසේන සමග එක්ව, සක්‍රිය දේශපාලනයේ නිරත වේ.
සරත් ඒකනායක හා පේෂල ජයරත්න ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා තරඟ කරන්නට අපේක්ෂාවෙන් සිටින, ඉතා ඉහළ මට්ටමකින් සක්‍රිය දේශපාලනයේ නිරත දෙදෙනෙකි.
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. එජනිස ජාතික ලැයිස්තුවෙන් 2015 දී පාර්ලිමේන්තුවට පත්වු හිස්බුල්ලා පුනුරුත්ථාපන හා නැවත පඳිංචි කිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ජනපතිවරයා සිය ධුරයට හිමි වරප්‍රසාද හා බලතල කිසිඳු සොයා බැලිමකින් තොරව භාවිත කරමින්, තම හිතැඟියාවන් අනුව කටයුතු කිරීම තුළ ජනපතිධුරයේ පමණක් නොව අනිකුත් ගෞරවාන්විත තනතුරුවල පවා තත්ත්වය හෑල්ලුවට ලක් කිරිම කණගාටුවට කරුණකි
කෙසේ වුවත්, ඔක්තොම්බර් 26 දින දේශපාලන භාවිතයෙන් පරාද වු ජනපතිවරයා මීළඟට කරන්නට යන්නේ කුමක්දැයි පිළිබඳව අප දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව අවධාරණය කරන්නෙමු.
No comments:
Post a Comment