නිරෝධායන නියෝග උල්ලංඝනය කරමින් පොලිසිය දැනුම්දුන් ස්ථාන වෙත නොපැමිණි මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික්ස්’ ආයතන සාමාජිකයන් අද (09දා) දින සිට අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම සේවිකාවන් සඳහා ස්ථාන 26ක් නම් කොට වහාම එම ස්ථාන වෙත පැමිණෙන ලෙසට ඊයේ (08දා) සහ පෙරේදා (07දා) දෙදින ලබාදී තිබූ අතර, එලෙස නොපැමිණි අය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට සහ පොලිස් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීම සඳහා පොලිසියට බලය ඇති බවද ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවැරිය හැකි බවද අජිත් රෝහණ මහතා කියා සිටිනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කරන අය පදිංචිව සිටින ස්ථාන තහනම් කිරීමට සහ ඔවුන් ප්‍රවාහනයට යොදා ගන්නා වාහනද පොලිසිය භාරයට ගැනීමට බලය ඇති බවයි.
No comments:
Post a Comment