ගෝලීය ආපදාව පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
නැවත එම තනතුර බාර නොගන්නා බවත් තනතුරක් ඇතත් නැතත් තමනට ජනතාව රැක ගැනීම සඳහා කළ යුතු දෙයක් ඇත්නම් එය සිදු කරන බවද ඔහු පැවසීය.
මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.
“පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි..ඒකට මට හිත රිදුනා.සෞඛ්‍ය ඇමැතිවරියත් ඒවගේම ප්‍රකාශයක් කළා ” යැයිද ඔහු සඳහන් කළේය.
“මට තියෙන චෝදනාව වැඩ කලා වැඩියි කියන එක විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හරහා ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. ආයෙත් තනතුරු බාර ගන්නේ නෑ.” යනුවෙන්ද වෛද්‍යවරයා පැවසීය.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.මේ මොහොතේ රෝගීන් සිටින්නේ කොහිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එනිසා ජනතාව ප්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ රෝගීන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමඟ කළ සම්පූර්ණ වැඩසටහන පහතින්,
No comments:
Post a Comment