ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතුයි -විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතුයි -විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

Share This
ද්විත්ව පුරවැසි භාවය ලබා තිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූවා නම් ඇය සමඟ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතු යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගැනීමේදී එම තැනැත්තාගේ නම සහිත එම සම්පූර්ණ නාම ලේඛනයම අහෝසිවිය යුතු යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ (05) විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අගතියට පත් අයකු හෝ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට විවරණයක්‌ කළයුතු යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසී ය.
19 වන ව්‍යවස්‌ථාවට අනුව ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින අයකුට මෙරටේ ජනාධිපති හෝ පාර්ලිමේන්තු ධුරයක්‌ හෙබවිය නොහැකිය යන්න වගන්තියට යටත්ව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අහෝසිවී ඇති බවත් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධුරය දැරූ කාලය තුළ ලබාගත් සියලු වරප්‍රසාද නැවත රජයට අයවිය යුතු බවත් සඳහන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කර ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම අභියාචනා තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කර තිබීම නිසා ඇය පාර්ලිමේන්තුවෙන් ලබාගත් වැටුප් ඇතුළු සියලු වියදම් නැවත ලබාදීමට සිදුවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලැබී නොමැති බවත් එය ලැබුණු විට ඇයගෙන් කොපමණ මුදලක්‌ අයකර ගන්නවාද යන්න මහලේකම්වරයා තීන්දු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages